ගාල්ල නගරාධිපති ධුරයට නම් දෙකක්


 

(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජිලිත් නිශාන්ත මහතාගේ සහ  පොදු ජන පෙරමුණේ  ප්‍රියන්ත සහ බන්දු මහතාගේ නම යෝජනා කෙරිණි.

ගාල්ල නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද (23) ගාල්ල මහනගර සභාවට පක්ෂ විපක්ෂ සියළු පිරිස් රැස්වු අවස්ථාවේදී මෙම තත්ත්වය  උද්ගත විණි.

නම් යෝජනා වූ  දෙදෙනාගෙන් ගාල්ල පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා කැමැත්ත විමසා සිටි අතර දෙදෙනා ම නගරාධිපතිධූරයට කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා  ඡන්දයක් පවත්වා නගරාධිපතිවරයා තෝරාගැනීමට තීරණය කෙරිණි.

මේ අවස්ථාවේ දී පොදුජන පෙරමුණේ සහ බන්දු මහතා රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති ධූර අපේක්ෂක ජිලිත් නිශාන්ත මහතා විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළේය. 

ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැවින් ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්දයක් පැවැත්විය යුතු බවයි.

ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය පැවැත්වෙන්නේ කවර ආකාරයෙන් ද යන්න තීරණය කිරීම සඳහා තව සුළු වේලාවකින් ඡන්දයක් පැවැත්වෙනු ඇත.