ගාල්ල තැපැල් වර්ජනයෙන් ඉවත්වෙයි
ගාල්ල ප්‍රධාන තැපැල් හළේ සේවකයන් වැඩ වර්ජනයෙන් ඉවත්වී අදත් (19) හෙටත් (20) තැපැල් භාණ්ඩ බෙදීමට තීරණය කළ බව සමස්ථ ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමයේ ලේකම් කේ.එස්. වීරසේකර මහතා කියයි. ගොඩගැසී ඇති පාර්සල් 1000ක් පමණ සදුදා වන විට බෙදාහැරීමට හැකි වනු ඇතැයි ද ඔහු කියයි. තැපැල්පති ඉවත්කරන ලෙස ඉල්ලා තැපැල් සමිති එකමුතුව පසුගිය 4 වැනි දා රටපුරා වර්ජනයක් ඇරැඹීය.

