රාත්‍රී 7.30ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය අද රාත්‍රී 8.10 වන විටත් ගමන් ආරම්භ නොකළ බව මගීහු කියති. දුම්රිය බොහෝ වේලාවක් ප්‍රමාද වීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු හූ තැබූහ.
දුම්රිය ප්‍රමාධ වීම නිසා බස් ගමන් පවා මග හැරෙන බවත් කොළඹ රැකියාව කර ගාල්ල බලා යන දුම්රිය මගීහු කියති.
මේ ගැන විමසීමට දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

