(ආරියරත්න රණබාහු)
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි එහි හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
පුංචි බොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසූ සුමතිපාල මහතා මේසේද කීය.
‘‘මීට අවුරුදු 30කට පෙර 1998 දී ගාල්ල ක්‍රීඩාංගනය සම්බන්ධ ගිවිසුමට ගාලු නගර සභාව සමඟ අත්සන් කළේ මමයි. එදත් ඔය ප්‍රශ්නය නැගුණා .ගාලු කොටුව යුනිස්කෝවේ ලෝක උරුමයක් නිසා ඊට බධා නොවන අන්දමින් විද්‍යානුකූල රාමුවක සිට අප ක්‍රියාත්මක වුණා.
වර්තමානයේ පැන නැගි ඇති ප්‍රශ්නය අපට කතා කර විසදා ගන්න පුලුවන්. ක්‍රිකට් පාලන මණ්ඩලයේ ගිවිසුම් ප්‍රකාරව අප කිසිදු ආකාරයක නිත්‍යානුකූල නොවන ගොඩනැගිල්ලක් හදලා නැහැ.
නිත්‍යානුකූල නොවන ගොඩනැගිල්ලක් එතැන තියනවා නම් ඊට කටයුතු කළ හැකි ක්‍රමවේදයක් තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාංගනය එතැනින් ඉවත් කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ නැහැ.
අපට ලැබී තිබෙන තොරතුරු අනුව අඩි 12ක ප්‍රමාණයක් වැඩිපුර මේ සඳහා ගෙන තිබෙනවා. ඒ ප්‍රමිතිය ගැන නිත්‍යානුකූල ප්‍රමිතියක් තියෙනවා නම් කටුයුතු කළ හැකියි.
නමුත් අපිට තරගයෙන් තරගයට එතන අවශ්‍ය වෙනවා. එතැන තමයි මාධ්‍ය කරුවන්ගේ කැමරා ස්ථාන ගත කර තිබෙන්නේ ප්‍රධාන කැමරාව තබා ගැනීමට එතන අවශ්‍ය වෙනවා.
වජිර ඇමැතිතුමා කියන ආකාරයට මේක පොදු ක්‍රිඩාංගනයක් කළ නොහැකියි. මෙය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සියලු ක්‍රීඩා සඳහා දෙන්න පුලුවන් කමක් නැහැ.
ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් සඳහා අයි.සී.සී. යෙන් අවසර ගැනීමට සපුරාලිය යුතු කොන්දේසි රැසක් තියනවා. විනාඩි 20ක් ඇතුළත යාම් ඒම් කිරීමට තරු පහේ හෝටලයක් තියෙනවා තරග තීරකට එන්න යන්න.
මේක මෙතැනින් ගලවලා ඉවත් කරන්න බැහැ. ගිවිසුමේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පමණක් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
මේ ක්‍රීඩාංගනය නිසා තමයි ගාල්ල නගරය ජාත්‍යන්තරයට ගියේ. ක්‍රිකට් නතර කළහොත් ගාල්ලත් නිකම්ම බූස්ස වගේ නගරයක් වනු ඇතැයි‘‘ ද හිටපු සභාපතිවරයා කීය.