ගාල්ල - උඩුගම පෞද්ගලික බස් අද නෑ


ගාල්ල - උඩුගම පෞද්ගලික බස් රථ සේවකයෝ අද (13) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්වී වර්ජනයක නිරතවූහ.

උඩුගම සිට ගාල්ල, මාතර හරහා බණ්ඩාරවෙල දක්වා නව බස් රථයක් ධාවනය කරවීම එම විරෝධයට හේතුවී ඇත.

එම බසය වහාම ධාවනයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් වර්ජනය ක්‍රියාත්මකවේ.