(බිමල් ශ්‍යමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
ජනප්‍රිය ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ මහත්මියට කතුරක කොටසකින් ඇණ ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද (10) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ පානදුර වලාන තිස්ස මාවතේ පදිංචි කුෂන් වැඩපොළක අත්උදව්කරුවෙකු ලෙස සේවය කරන ප්‍රභාත් රසික ඊටන් 52 නැමැත්තාය.