ගනේමුල්ලේ සංගීත ප්‍රසංගයකට සහභාගී වී වාහනට යමින් සිටි ගායක අසංක ප්‍රියමන්ත පීර්ස්ට පහර දුන් බව කියන තිදෙනකු රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය නියම කළාය.
එලෙස ඇප නියම වූයේ හර්ෂ සංජීව, එම් ඒ ඩී ප්‍රසන්න කුමාර සහ ධනුෂ්ක චතුරංග යන ගනේමුල්ලේ පදිංචිකරුවනටය.
අසංක ප්‍රියමන්ත පීරිස් එක් සැකකරුවකු හඳුනාගත්තේය.
ජුනි 17 නැවත නඩුව කැඳවීමට නියමිතය.

