රංජිත් රාජපක්‍ෂ
හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරිමේ වර්ජනයක නියැලි සිටි.
වසර 40 ක් තමන් හැටන් දික්ඔය නගර සභාවට ඡන්දය දුන් බවත් නව සිමා නිර්ණයෙන් තම ගම්මානය කිලෝ මීටර් 10 ක් එපිටින් වු නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාවට තමන්ගේ ඡන්දය ඇතුළත් කළ ඇති බවත් පවසමින් හැටන් ගාමීණිපුර ජනතාව ඡන්ද වර්ජනයේ නියැලි තිබේ.
තමන්ගේ නිල ඡන්ද කාඩ් පත ලැබීමෙන් අනතුරුව තමන් වසර 40 ක් පදිංචිව සිටි හැටන් දික්ඔය නගර සභාවෙන් තමන් නොදැනුවත්ම නොර්වුඩි ප‍්‍රාදේශීය සභාවට ඇතුලත් කර ඇති බව එම ගම්වාසින් පවසයි.
තම ගම්මානයේ ඡන්ද 400 ක් පමණ තිබෙන බවත් මේ වන තෙක් නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාවෙන් කිසිදු අපේක්‍ෂකයෙක් තමන්ගෙන් ඡන්දය ඉල්ලා නොපැමිණි බවත් එම ඡන්ද දායකයෝ පවසති.
තමන්ට ඉතා ආසන්නයේ හැටන් දික්ඔය නගර සභාව තිබෙන බවත් තමන් මෙම සීමා නිර්ණයෙන් යලිත් හැටන් දික්ඔය නගර සභා බල සීමාවට ලබා නොදුනහොත් ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ වලදි පවා ඡන්දය භාවිතා නොකරන බව හැටන් ගාමිණීපුර ජනතාව කියයි.





