(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලංගමයට සිදුවූ පාඩුවට රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුවේ වගඋත්තරකරුවන්ට දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ගොනු කළ අභියාචන පෙත්සම සළකා බැලීම මාර්තු 26 වැනිදා තෙක් කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළේය.
එම නඩුවේ වගඋත්තකරුවන් වූ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් නිදහස් කරමින් අධිකරණ තීන්දුව ලබාදී තිබූ අතර ඊට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙත්සම ගොනු කර තිබිණි.
එම පෙත්සම විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (25) සළකා බැලිණි.
එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ගාමිණි අමරසේකර මහතා මෙම නඩු විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම නිසා පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.