ගාමිණි අම්බලන්ගොඩ දිවි රඟමඬලෙන් බැසයයි


(ඩයනා උදයංගනී)

ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව පාදයක් පවා ඉවත්කර සිටි ඒ මහතා මියයන විට 66 වැනි වියෙහි පසුවිය.

‘රජගහේ නාඩගම’, ‘රාජකපුරු’, ආදී වේදිකා නාට්‍යවල සහ ‘ආදරණීය පූර්ණිමා’, ‘ආදර වසන්තේ’ ආදි ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන්දායක විය.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.