ගාම්බීර්ගේ කොල්කටා පිල දෝනිගේ චෙන්නායි පරදවයි


අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (30) චෙන්නායිහිදී පැවැති තරගයේදී ගෞතම් ගාම්බීර් මෙහෙයවන කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලූ 5 කින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කළේය. චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 34, ජැක් කලිස් 21/2)කොල්කටා නයිට් රයිඩර්ස් පිල  ඕවර 19.4 කදී කඩුලූ 5 ට 140 (ගෞතම් ගාම්බීර් 63, ජැක් කලිස් 26, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 22/2)