ඉකුත් 19 වැනි දිනට වයස අවුරුදු පහක් සම්පුර්ණ කළ හොරණ පොලිස් නිල සුනඛ “ග්‍රේරෝ” අපරාධ තුන්සියයකට ආසන්න ප්‍රමාණයක සැකකරුවන් නිතියේ රැහනට හසුකර දෙමින් පොලිස් දෙපාර්තමේන්තුවට සිය දායකත්වය උපරිමයෙන් ලබා දි ඇත.
2010 .09.19 දින නෙදර්ලන්තයේ ඉපදුණ “ග්‍රේරෝ” ඉන් වසරකුත් මාස දෙකකට පමණ පසු පොලිස් දෙපාර්තමේන්තුවට එක්විය. මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ මාස පහක් පමණ “ග්‍රේරෝ” පුහුණුව ලැබීය. පොලිස් අධිකාරි සිසිර විරකොන් හා කොස්තාපල් (44839) ඉරෝෂ දුමින්ද “ග්‍රේරෝට” පුහුණුව දුන්හ.
ස්ත්‍රි දුෂණ, මිනි මැරුම්, කොල්ලකෑම් , නිවෙස් බිදුම් හා ළමා අපචාර වලට සම්බන්ධ සැකකරුවන් තුන්සියකට අධික පිරිසක් “ග්‍රේරෝගේ” දක්ෂතාවය මත පසුගිය වසර තුළ පොලිස් අත්අඩංගුවට පත්විය.
පානදුර පොලිස් කොට්ඨාසයට පමණක් නොව ඊට යාබද වන කළුතර හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස වලටද “ග්‍රේරෝ” සිය සේවය ලබා දුන්නේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා “ග්‍රේරෝට” උපහාර පිදිය. දක්ෂ පොලිස් නිලධරයකුට නොදෙවෙනි සේවාවක් “ග්‍රේරෝ” ඉටු කරන බව පොලිසිය කියයි.


![DSC_0104[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_01041.jpg)
![DSC_0120[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_01201.jpg)
