ග්‍රේරු ආණ්ඩුවට එක්වෙයි


එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය වැයට පක්ෂව ඡන්දය දී පාර්ලිමේන්තු සභා ගැබ හරහා ගමන් කර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය.  අද සවස පහට ඡන්දය විමැසිණි. වැඩි ඡන්ද 91කින් අය වැය සම්මත විය. පක්ෂව ඡන්ද 151ද විපක්ෂව 60ක් ද ලැබිණි. මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.