ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි


පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.

නිවාසවලින් පිටතදී අත්‍යවශ්‍ය ම කටයුත්තකට හැර, පුද්ගලයන්ට රැස් නොවන ලෙසත්, එසේ කරන්නේ නම් ඉතා ම සීමිත පිරිසකට එය සීමාකරගන්නා ලෙසද අමාත්‍ය නිකෝස් හර්ඩලියාස් මහතා පැවැසීය.

ග්‍රීසියේ කොරෝනා ආසාදිතයන් ගණන 418දක්වා ඉහළ ගොස් ඇති අතර, 5දෙනෙකු මියගොසිනි.

එම සීමාව උල්ලංඝනය කරන කිසිවකු වේ නම්, එම තැනැත්තාගෙන් යුරෝ 1000ක දඩ මුදලක් අය කරන බවද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීහු ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් එළිමහනේ රැඳී සිටින මිනිසුන්ට නිවාසවලට යන්නැයි උපදෙස් දෙමින් සිටිති.