ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී හතක් මරුට


(බිමල් ශ්‍යාමන්)

ග්‍රෑන්ඩ්පාස් වල පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ.  ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මේ වනවිට  කොළඹ නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදවා ගැනිමින් සිටියි. 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)