(චන්ද්‍රසේන ගමගේ)
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නිවෙස් වලට ගොස් රජයේ ජීවනාධාර සහ රෝගාධාර ලබා දීමේ වගකීම රජය ග්‍රාම නිළධාරීන්ට පවර ඇති හෙයින් ඒ සදහා දායක වීම සදහා පහසුකම් සපයන්නැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජී. කමල් කිත්සිරි මහතා රජයෙන් ඉල්ලීමක් කරති.
දිවයින පුරා ග්‍රාම නිළධාරී වරුන් 12,300ක් පමණ සේවය කරන බව පවසන කමල් කිත්සිරි මහතා වැඩි දුරටත් පවසන්නේ ජීවනාධාර හා රෝගාධාර ලබා දීම සදහා අදාළ අයගේ නිවෙස්වලට යාමට සිදුවීම මේ වෙලාවේ අනතුරු දායක බවයි.
එහෙත් රජයේ ප්‍රතිපත්ති වලට අවනත වෙමින් තමන් එම සේවය ඉටුකර දීමට කැමති වුවද රජය ග්‍රාම නිළධාරී වරුන් ගේ ආරක්ෂාව සදහා යම් යම් පියවර ගත යුතු බවද පවසයි.
අඩුම වශයෙන් ග්‍රාම නිළධාරී වරුන්ට අත් වැසුම් හා මුව ආවරණ ලබා දීමටවත් ආණ්ඩුව පියවර ගත යුතු බවද ඒ මහතා පවසයි.

