පානදුර පොලිස් අධිකාරී කාර්යාලය ආසන්නයේ වෙරළ තීරයේ තිබු යතුරුපැදියේ අයිතිකරු සොයා පොලීසිය අද (02) පරික්ෂණ ඇරැඹිය.
එම යතුරුපැදිය කුඩා උඩුව ග්‍රාම සේවා නිලධාරී ගිහාන් ධර්මසිරි මහතාගේ බවත් ඔහු දින තුනකට පෙර සාදයකට යන බව පවසා ගෙදරින් ගිය පසු යළි නොපැමිණී බවත් නෑයන් පොලීසියට කියා ඇත.
යතුරුපැදිය ඔහුගේ බව එහි තිබු ලියවිලි මගින් නෑයන් විසින් හඳුනාගන්නා ලදැයිද පොලීසිය කියයි.