ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් අත්අඩංගුවට


(මහින්ද නිශ්ශංක,ඡායාරූප - ගයාන් අමරසේකර)

ශ්‍රි ලංකාවට  ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කර  තිබෙන ග්ලයිෆෝසෙට්  රසායනික ද්‍රව්‍ය  ලීටර 32,000 ක්  චීනයේ  සිට  ගෙන්වා  තිබියදී  රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට  ගෙන ඇත.

අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක්  තුළ බහා ලීටර 200 බැරල්  160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා  ඇත. මේවා මෙරටට ගෙන්වු  ව්‍යාපාරිකයාගෙන්  ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර  තිබේ.