ග්ලයිෆොසෙට් ගැසට්ටුව සංශෝධනය කරන්න උපදෙස්


(අජන්ත කුමාර අගලකඩ)

තේ සහ රබර් යන බෝග සඳහා පමණක් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (16) උපදෙස් දුන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව නව ගැසට් නිවේදනය හෙට (17) වනවිට නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමති  අමරවීර මහතා සඳහන් කළේය.

ග්ලයිෆොසෙට් සම්පුර්ණයෙන්ම තහනම් කරමින් රජය 2015 වසරේ ඔක්තොම්බර් මස 23 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

තේ සහ රබර් යන වගාව සඳහා  ග්ලයිෆොසෙයිට් භාවිතයට අවසර දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩලය තේ සහ රබර් යන බෝගවලට පමණක් ග්ලයිෆොසෙයිට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබිණි.

මේ අතර සියලුම බෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉකුත් 11 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.