ග්ලයිපොසේට් තොගයක් අත්අඩංගුවට


(මහින්ද නිශ්ශංක)

අර්තාපල් ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කොට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ග්ලයිපොසෙට් රසායනික කුඩු කිලෝ 656ක් රේගු මධ්‍යම භාණ්ඩ නිෂ්කාශන අංශය විසින් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(17) අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෙම ග්ලයිපෝසෙට් තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි රේගු අධිකාරී රංජිත් කුමාරසිංහ මහතා පැවසීය.

මෙම ග්ලයිපොසේට් තොගය මෙරටට ගෙන ආ කන්ටේනරය තුළ තිබී අර්තාපල් කිලෝ 10125ක් සහ ආනයනය කිරීම තහනම් අමුමිරිස් කිලෝ 1806ක් ද සොයාගත් බව රේගුව පවසයි.