ගහෙන් බේරගන්න හකීම් ජෙඩා යයි


යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීමේ නඩුවේදී සෞදි අරාබි  අධිකරණයකින්   මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනා නිදහස් කර ගැනීමට ජනපති විශේෂ නියෝජිතයකු ලෙස ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජු හමුවීමට යෑමට නියමිත බව රජයේ ආරංචි කියයි.

 2007 වසරේදි  ආයුධ සන්නද්ධව  යේමන ජාතිකයකුට පහර දී  මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්  සෞදියේ ජෙඩා නුවර ප්‍රාථමික අධිකරණයෙන් 2008දී මරණ දඬුවම නියම වු මෙම ශ්‍රී ලාංකිකයින් තිදෙනා  එතැන් සිට එරට බන්ධනාගාරගතව සිටිති.

කුරුණෑගල මහව ඩබ්ලිව් එම් එන් බී තෙන්නකෝන් (33)දෙහිවල තුෂාර දිනේෂ් පෙරේරා(36) හා රාගම කේ ඒ පී ජී යු නානයක්කාර (34) එම තිදෙනාය.