වන්නිය හා මඩකලපුව හැර දිගාමඩුල්ල, පුත්තලම, කළුතර, කුරුණෑගල, මහනුවර හා ගම්පහට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය සමග තරග කරන බවත්, මඩකලපුවට හා වන්නියට තනිවම තරග කරන බවත් එහි නායක රවුෆ් හකීම් කියයි.
නාමයෝජනා සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ කීවේය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ අගමැති දිනවීමට කළ හැකි සියල්ලම කරන බවත් පසුගිය ජනවාරි 8 වැනිදා ඇතිකළ යහපාලන විප්ලවය ඉදිරියටම ගෙන යාමට ඇප කැප වන බවත් රවුෆ් හකීම් පැවසීය. ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවද කීවේය.
යහපාලනය සඳහා වන ජනතා පෙරමුණට මඩකලපුවෙන් ආසන දෙකක්ද ත්‍රිකුණාමලයෙන් ආසනයක්ද ලබාදීමට එකඟවී ඇති බව හකීම් පැවසීය.


