ගසුත් නෑ : සල්ලිත් නෑ


ආර්ථික වටිනාකමක් ඇති ගස් වවා ඉඩම් විකුණා ගනුදෙනු කරුවන් 1300කට පමණ රුපියල් කෝටි 2500කට අධික වංචාවක් කැර රට හැර ගිය අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය අන්තර්ජාතික පොලිසියේ සහය පැතීමට යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.