( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්‍රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චමිල සුදීර රත්නායක (43) නැමැති හිටපු යුද හමුදා සෙබළෙකි .
ඔහු ඊයේ (07) අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි .
මියගිය පුද්ගලයාට එසේ අමානුෂික ලෙස පහරදී ගසක ගැටගසා දැමුවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමක් හෝ ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතරතුර පන්සලේ නායක හිමි නම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකොට තිබේ .

