(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඡායාරූප - බුද්ධික කුමාරසිරි)
ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව සමඟ කොහුවල සහ පාමංකඩ අතර ජපන් ළදරු පාසල අසල විශාල ගසක් කඩා වැටී මෝටර් රථයකට හා යතුරුපැදියකට අලාභ හානි සිදු වී ඇතැයි කොහුවල පොලිසිය පවසයි.
මෙම මාර්ගයේ විදුලි රැහැන් කිහිපයක් ද කඩා වැටීම නිසා විදුලිය විසන්ධි වී තිබේ.
කඩා වැටුණු ගස ඉවත් කිරිම සඳහා දෙහිල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් කොළඹ සිට කොහුවල දෙසට පැමිණෙන වාහන පාමංකඩ සරණංකර පාර ඔස්සේ කලුබෝවිල දෙසටත් කොහුවල සිට කොළඹ දෙසට යන වාහන බලපොකුණ හරහා කිරුලපන ඔස්සේ කොළඹ දෙසටත් ගමන් යාමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.