
(චමින්ද වැවතැන්න)
රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට විශාල මාර ගසක් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසියකියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල අරණායක පාරේ ලොල්ලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකි.
මාවනැල්ලේ සිට යුවළ ක් හා ඔවුන්ගේ කුඩා දරුවා සමඟ ත්‍රීරෝද රථයකින් රඹුක්කන ,හිතවතෙකුගේ නිවසකට ඊයේ (23 ) සවස ගොස් ආපසු මාවනැල්ල දක්වා ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි කුඩා දරුවා ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර මව්පිය යුවළ බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා ඇති ප්‍රදේශවාසීන් සිද්ධිය වී පැය හතරකට පසුව මව්පිය යුවළ රෝහල් ගත කර තිබේ.

