(තුෂාර හෙට්ට්ආරච්ච්)
කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදලගම ජනපදය ග්‍රාම නිළධාරී වසමේ අඩි පාරක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ සිරුරට ගසක් කඩා වැටිමෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි තිදරු පියෙකු වන පී ඒ ගාමිණී පෙරේරා නැමැත්තෙකිගවෙළෙඳසැලකට ගොස් අපසු නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අද(25)දවස පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පුරා ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීම් හා ගස්වල අතු කඩා වැටිම් රැසක් සිදුව තිබේ.ගස කඩා වැටෙන අවස්ථාවේ තරමක රළු සුළං තත්වයක් පැවැති බව කහවත්ත අපදා සහන සේවා නිළධාරී ලක්මල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.
අනතුරට පත් පුද්ගලයා සම්පුර්ණයෙන් ගසට යට වු හේයින් රෝහලට ගෙන යාමටද හැකියාවක් ලැබී නොමැත.දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිද්ධිය වු ස්ථානයේම අද රාත්‍රී 8.00 පමණ කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට කහවත්ත මුලික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
කහවත්ත පොලිස් ස්ථානාධිපති රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ඇන්ඳාන පොලිස් මුරපොලේ ස්ථානාධිපති ඒ ඒ විජේරත්න මහතා ඇතුලු නිළධාරිහු විසින් සිද්ධිය සමිබන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

