(ක.ග කරුණාරත්න)
අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට විරෝධය පා පුද්ගලයකු අද (12) පෙරවරු 8 සිට පැය දෙකක පමණ කාලයක් පොලොන්නරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අඩි 40ක් පමණ උස කෝන් ගසකට නැග සිටියදී අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි.
57 හැවිරිදි මෙම පුද්ගලයා දරුවන් 9 දෙනෙකුගේ පියකු බවත් ඔහුගේ 9 හැවිරිදි බාලම දියණියගේ භාරකාරීත්වය පරිවාසයට යටත් කොට විවාහක වැඩිමහල් පුතු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දිනයේ ලබා දී තිබුණි.
එම අධිකරණ නියෝගයට විරෝධය පා දියණියගේ භාරකාරත්වය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මොහු මෙම විරෝධතාවෙහි යෙදුණු බව පොලිසිය සඳහන් කරයි.



