(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂිකා නිත්‍යා සේනානි සමරනායක මහත්මියට ආගමික කටයුත්තක් සඳහා විදේශ ගත වීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම ලබන 29 වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (20) නියම කළේය.
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට ඇය මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටිති.
ඇය වෙනුවෙන් ඇපවු ඇපකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.
ආගමික කටයුත්තක් සඳහා ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට 10 වැනි දා දක්වා අතර කාලය තුළදී ඉන්දියාවට යෑමට අවසර දෙන්නැයි ඇය ඉල්ලා තිබිණි.

