රොමේෂ් මධුෂංඛ
මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා නීතිවිරෝධීව ගවයින් 6 දෙනෙකු කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
මුල්ලියාවලේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් ඊයේ (10) රාත්‍රීයේ සිදුකරන ලද මාර්ග සෝදිසි කිරීමක දී අදාළ කැබ් රථය ධාවනය වී ඇති අතර එහිදී කැබ් රථයෙන් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය දැක පලා ගොස් ඇති අතර කැබ් රථය පදවාගෙන පැමිණි සැකකරු වූ අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
කැබ් රථය නවතා කරන ලද පරික්ෂා කිරීම් වලදී අනවසරයෙන් ගවයින් 6 දෙනෙකු පටවා මෙම කැබ් රථය ධාවනය කර ඇති අතරම අදාළ පොලිස් නිලධාරියා පුදුකුඩිඉරිප්පු පොලීසියට අනියුක්තව සේවය කරන්නෙකු බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා කැබ් රථයද සමගින් ගවයින් මුලතිව් අධිකරණයට අද (11) ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදුකරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.