ගවයකුගේ ගැටුණු යතුරුපැදිකරු මරුට


(සිතුම් චතුරංග)

කිලිනොච්චිය පරන්තන් - පුනරින් මාර්ගයේ සෙල්ලියාර්තිවු ප‍්‍රදේශයේදී යතුරු පැදියක් ගවයකුගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පුනරින් පොලිසිය පවසයි.

පරන්තන් සිට පුනරින් දක්වා ගමන්ගත් යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ ගවයකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර        අනතුරින් මියගොස් ඇත්තේ කිලිනොච්චිය , ආනන්දපුරම් පදිංචි සිංහරාසා කේදිස්වරන්(30) නමැත්තෙකි.