ගව ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවයි


ගවයින් ප‍්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

නීති විරෝධි අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒතුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඒ අනුව ගවයින් ප‍්‍රවාහනය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.

දැනට ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රාදේශීය ලේකම් හරහා සිදුවෙයි.

 

(ජනාධිපති මාධ්‍ය අංශය)