ගව ඝාතනය නතර කරන්න ගෙන ආ යෝජනාවට අනුමැතිය


(අජන්ත කුමාර අගලකඩ)

මෙරට තුළ ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 1 අද (08) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

අගමැතිවරයා ඊට අදාල යෝජනාව ඉදිරිපත් කර ඇති අතර මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ එකඟතාව ඊට පළවී ඇත.