ගලේවෙල අයි.එස් සටන්කරුගේ කිරිපල්ල අතගායි


අයි එස් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ එක්ව සටන් වැදි මියගිය පුද්ගලයා ගැන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මධ්‍යම පළාත් නියෝඡ්‍ය පොලිස්පතිවරයා විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුයේ මීට කලකට ඉහතදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිට මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශය අත් හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවයි. මේවන විට මෙම පුද්ගලයාගේ හැදුනුම්පත් අංකය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම පුද්ගලයාගේ පවුලේ විස්තර හා වෙනත් රටකට පිටවි ගොස් ඇතිදැයි කියා හෝ මෙම ත්‍රස්තවාදී සංවිධානයකට එක්වුවාද එහිදී මියගොස් ඇති දැයි සොයා පරික්ෂණ අරඹා ඇතැයිද වැඩිදුරටත් පැවැසිය.