පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එය ලුහු බැඳ ගොස් එහි අංකය වීඩියෝග කරන්නට එසැණ මාධ්‍යවේදියාට හැකි විය.
අද උදේ රඹුකන වෙළ අසළට ගිය විට දැක ගත හැකි වූයේ වැසිකිළි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි දමා ගොස් තිබූ බවයි. පොලිස් පරිසර ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මාධ්‍යවේදියාගේ වීඩියොවෙන් අපද්‍රව්‍ය දමා ගිය ගලි බවුසරයේ අංකය පොලිසිය සොයා ගත් අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.




