ගල්බෝර දැමූ පුද්ගලයකු ගල්පතුරක් වැදී මරුට


(බදුල්ල සමන් පාලිත නානායක්කාර)                               

කොස්ලන්ද අළුත්වෙල ප්‍රදේශයේ ඉඩමක ගල් කැඩීමට ගල්බෝර දැමූ පුද්ගලයකු ඊයේ (18) සවස ගල්පතුරක් වැදී බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇත්තේ ඇඹිලිපිටිය ඒ.පී. සුනිල් (56) නැමැත්තෙකි.


ගල්බෝරය අටවා ගිනිදල්වා ඉන් ඈත්වන අතරතුර බෝරය පිපිරී යාමත් සමග ගල් පතුරක් වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.


කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් දයාසිරි මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.