ගල්නෑවේදී හිස ගලේ ගසාගත් 16ක් සැකපිට


ගල්නෑවේ අවුරුදු උත්සවයක සිදුවූ පහරදීමෙන් මියගිය ගිය ගැමියෙකුගේ අවමඟුල සිදුවූ දින සැකකරුවන්ගේ නිවෙස්වලට හා වාහනවලට අලාභ හානි කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව කියන 16 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. වීඩියෝ දර්ශන වලින් හඳුනාගත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිපතිවරයකු, පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරු සිව්දෙනෙකු, ස්ථානාධිපතිවරු 10 දෙනෙකු  සමග 150ක බළ ඇණියක් යොදවා තිබිණි.