ගල්කිස්සේ නිවසක නීති විරෝධීව රැදී සිටි නයිජිරියානුවන් 6ක් අත්අඩංගුවට


(එච්. එම්. ධර්මපාල)
 
ගල්කිස්ස වටරප්පල  ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමේදී නිවසක රැදී සිටි නයිජීරියානු ජාතිකයින් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
 
මොවුන්  වීසා නොමැතිව මෙරට රැදී සිටි බවට අනාවරණය වී ඇතැයිද  ඉන්  එක් අයෙකු ක්‍රෙඩිට් කාඩ් වංචාවකට  හසු වී  සිටි අයකු බවද පොලීසිය  කියයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.