ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත්  දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම ස්ථාන මාරුව සිදු කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්‍ය පටිපාටික රීති සන්ග්‍රහයේ 363 - 3 යටතේ මෙම මාරුව සිදු කර තිබේ.