
(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෙට සඳුදා පැමිණිල්ලක් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
එම ගනුදෙනුවලට අදාළ ලිය කියවිලිද අල්ලස් කොමිසමට මෙහිදී භාරදීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා පැවසුවේ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි.
බාල ගල් අඟුරු හේතුවෙන් රජයට රුපියල් කෝටි 24කට වැඩි පාඩුවක් සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන්වේ.

