ගල්අඟුරු විමර්ශන වාර්තා සී.අයි.ඩියට අල්ලස් කොමිසමට


(සුජිත් හේවාජුලිගේ)

ගල්අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ හඳුනාගත් කොටස් වැඩිදුර අධ්‍යයනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දීමට තීරණය කර ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේය.

ඒ සදහා කෝප් කමිටුව යෝජනා සම්මත  කර ගෙන ඇති බවද  ඔහු ප්‍රකාශ කළේය.

ගල්අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් කෝප් කමිටුව පසුගියදා විමර්ශනයක් කළේය