ගල් වළකට ගෙන ආ පුපුරණ ද්‍රව්‍ය සමඟ කළමනාකරු අත්අඩංගුවට



                      
(රොමේෂ් මධුෂංඛ)


වව්නියාව මලයාපෙරෙත්ති කුලම් ප්‍රදේශයේ පවත්වාගේන ගිය ගල් වළකට යැයි පවසමින් ගෙනා නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ ගල්වලේ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලීසිය හා පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කියා සිටියහ.


පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාමඩුව පොලීසියේ ද සහය ඇතිව මලයාපෙරෙත්ති කුලම් ප්‍රදේශයේ පිහිටි ගල් වලක සඟවා තිබූ අදාළ බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත.


හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියම් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1007 ක් , ජෙලට් නයිට් කූරු 306ක්, ඩෙටනේටර් 774ක් මෙසේ අනවසරයෙන් ළඟ තබාගෙන සිටියදී ගල්වලේ කලමනාකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


බලපත්‍රයට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ළඟ තබා ගැනීම නිසාවෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.