පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අයට මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තමා ප්‍රකාශ නොකළේ යැයි ඩි වී උපුල් දකුණු පළාත් ඇමතිවරයා එසැණ සමග කෙටි සාකච්ඡවකට එක්වෙමින් පැවසිය.
ප්‍රශ්නය - පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල්ගසා මරා දමන බවට ඔබ ප්‍රකාශ කළේ කුමන හේතුව නිසාද?
පිළිතුර - මම කොහෙද එහෙම කියලා තියෙන්නේ? ආණ්ඩුවේ පත්තර කඩමලුයි රූපවාහිනියයි එක්ක එකතු වෙච්ච බොරු පත්තර කාරයෝ ටිකක් මට විරුද්ධව ගොතන බොරුවක් ඕක. මම කිව්වේ අලුතෙන් හදපු පොලිසිය කරන වැරදිවලට මිනිස්සු එකතුවෙලා ගල් ගැහුවත් මම ඒ දිහා බලන් ඉන්නවා ඇරෙන්න බේරන්න යන්නේ නැහැ කියලා.
ප්‍රශ්නය - මොකක්ද ඔබ කියන ඔය අලුතෙන් හදපු පොලිසිය?
පිළිතුර - පාර්ලිමේන්තුව හරහා පොලිස් කොමිසමක් දාලා ඔය අලුතෙන් හදලා තියෙන්නේ මොකක්ද පොලිස් ඒකකයක්.
ප්‍රශ්නය - ඇත්තෙන්ම ඔබ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ගැන දන්නෙම නැත්ද?
පිළිතුර - බොරු ලියන පත්තර කාරයෝ ඉන්න බොරු පත්තරවල ලියලා තිබුණු දේකින් මම ඔය ගැන දැක්කා.
ප්‍රශ්නය - ඇයි ඔබ බොරු පත්තර කාරයෝ ලියන ලිපි තියෙන බොරු පත්තර බලන්නේ?
පිළිතුර - නිකන් ඉන්න වෙලාවට කම්මැලි කමට බොරු පත්තරයක් හරි බලනවා.
ප්‍රශ්නය - දැන් ඔබට රට යන්නත් බැහැ නේද?
පිළිතුර - මම අවුරුදු දෙක තුනකටවත් රට යන කෙනෙක් නෙමෙයි. ඔය පාස්පෝට් එකෙන් මට වැඩක් නැහැ. හැබැයි රහස් පොලිසියට විරුද්ධව මම සඳුදාට නඩු දානවා. මගෙන් කටඋත්තරයක්වත් ගන්නේ නැතිව මගේ පාස්පෝට් එක අවලංගු කළාට. ඊට අමතරව බොරු පත්තර කාරයන්ට විරුද්ධවත් මම නඩු දානවා.
ප්‍රශ්නය - ඔබට පොලිසියෙන් කැඳවීමක් ලැබුණේ නැත්ද?
පිළිතුර - කවුරුවත් මට කතා කළේ නැහැ.
ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතා අගමැති වෙයිද?
පිළිතුර - 29 වතාවක් පරාද වෙච්ච එක්සත් ජාතික පක්ෂ මේ ආණ්ඩුව ගෙදර යවලා සන්ධාන ආණ්ඩුවක් හදලා එකේ අගමැති කරන්නේ අපේ මහින්ද මහත්තයා.
ඩී.වී.උපුල් තිස්සමහාරාමයේදී කළ කථාවේ වීඩියෝව

