ධීවර ආඥා පනතට පටහැණිව නීති විරෝධී ලෙස මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර වෙත යැවීමට සුදානම් කර තිබු පන පිටින් සිටි ඉබ්බන් 488 ක් සහ කකුළුවන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් ගමන් භාණ්ඩ පර්යන්තයේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මෙම ඉබ්බන් සහ කකුළුවන් තොගයේ බර කිලෝග්‍රෑම් 200 කි.
මේ අතර තාරකා ඉබ්බන් 260, ගල් බේබන් 169 ක් සහ හඳුනා ගත නොහැකි ඉබ්බන් 112 ක් සිටි බව රේගුව කියයි.
රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
යක්කල ප්‍රදේශයේ මත්ස්‍ය අපනයන සමාගමක් විසින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 318 දරණ ගුවන් යානයෙන් මෙම ඉබ්බන් මලයාසියාවට ගෙනයාම සඳහා රැගෙනවිත් ඇති බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ආර්.ඩී.ඒ.එම්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අජිත් දුමින්ද, සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.කේ.එස් චාමර, ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.කේ ප්‍රනාන්දු, තිලංක සමරවීර, ඒ.එම්.කේ.බී අතපත්තු සහ ඩී.ඩී. විෙජ්සිංහ යන නිලධාරීහු සිදු කරති.

