ගල් ඉබ්බන් මල්ලෙන් එළියට


ගල් ඉබ්බන් හත් දෙනකු මල්ලක දමාගෙන ගිය කතක වතු ගෙදර කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඇය පුත්තලම මන්නාරම පාරේ පදිංචිකාරියකි.

හෝටල වලට විකිණිම සඳහා මෙම ඉබ්බන් රැගෙන යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

පණ පිටින් සිටින ඉබ්බන් මුදා හැරීමට නියමිතය.