
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ පරකඩුව තිරිවාන ප්‍රදේශයේ ඉවුරක තිබු විශාල කලුගලක් පාරේ කොටසකට පෙරළීමෙන් අවහිර වී තිබු මාර්ගය පැය දෙකකට ආසන්න කාලයකට පසුව යළි විවෘත කෙරිණි.
අද උදෑසන සිදු වූ මෙම අවහිර වීමෙන් මාර්ගයේ වාහන ගමනා ගමනය ද ඇණහිටියේය.
ගල පෙරලීමත් සමග ප්‍රධාන පාර දිගේ ඇද තිබු දුරකතන රැහැන් මාර්ගයේ කණු කඩාවැටී රැහැන්ද බිම වැටී තිබුණි. අනතුරින් ජීවිත හානි නොමැත. ගල පෙරලුණු පැත්තේ තිබූ කුඩා ගොඩනැගිල්ලක කොටසකට හානි සිදුව තිබුණි. අනතුර සිදුවු අවස්ථාවේ එහි කිසිවෙක් නොසිටි බව ද පොලීසිය කීවේය.
ප්‍රදේශවාසීන් එක්ව පාරට කඩාවැටුණු ගස්වල අතු ඉවත් කර වාහන ගමනාගමනය සඳහා කටයුතු සලස්වනු ලැබීය.
මෙම ගල පෙරලුන් අවස්ථාවේ කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ වාහන වැඩිපුර ගමන් ගන්නා අවස්ථාවක් වුවත් මාර්ගයේ වාහන කිසිවක් ඒ අවස්ථාවේ ගමන් කර නොතිබුණි.


