ගයිඩ්ලාට ඇප නෑ
මිහින්තලේ පුද බිමේදී නවසීලන්ත කතකට අතවර කළැයි කියන සංචාරක මගපෙන්වන්නන් දෙදෙනාට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර දිසාවිනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය මෙය ඉතා බරපතල සිද්ධියක් බව කීවාය.
එම කාන්තාව තම අත් අකුරින් පැමිණිල්ල කැර ඇතැයි ද පොලිස් පොතේ පැමිණිල්ල කියවා බැලූ මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කළාය. එම කාන්තාව ලබන 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සිටින බව පොලිසිය කී විට ඇය සොයාගත හැකි වුවහොත් මෝසමක් මගින් දැනුම් දෙන්නැයි ද මහේස්ත‍්‍රාත්වරිය කීවාය.

