(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම සිලාවතුරේ ගමට අයිති ඉඩම් ගමට ලබා දිය යුතු බවත් ඓතිහාසික වනාන්තරයට අයිති ඉඩම් වනාන්තරය සමඟ තිබිය යුතු බවත් අග්රාමත්ය රනිල් වික්රමසිංහ මහතා අද (05) මන්නාරමේදී කියා සිටියේය.
වනයේ ගැටළුව සම්බන්ධයෙන් නඩු පැවරීමට ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා උදව් කර ඇතැයි කී අගමැතිවරයා දැන් ප්රශ්නය විසඳීමට ඇත්තේ උසාවියට බව ද පැවසීය.
අග්රාමත්ය වරයා මේ බව ප්රකාශ කළේ අද (05) මන්නාරම මුසලී ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුර ප්රදේශයේදී එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කොට තිබූ ජන හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අගමැති වැඩි දුරටත් කියා සිටියේ
‘ඔබ සියලු දෙනාම ඉතා වියලි කලාපයක ජීවත් වෙන්නේ. වටේ වනාන්තරය තිබෙනවා. මේ ගමෙන් පිටත්වුනාට පස්සේ මේ කුඹුරු පුරන් වෙලා සමහර ඒවා වනාන්තරයට ඇතුල්වෙලා තියනවා. ගමේ සමහර කොටසුත් වනාන්තරයට ඇතුල් වෙලා තියනවා.
එකපැත්තකින් ගමට අයිති ඉඩම් ගමට ගන්න ඕන. අනෙක් පැත්තෙන් ඒ ඓතිහාසික වනයට අයිති ඉඩම් ඒ වනය එක්ක තියන්න ඕන. දැන් රිෂාඩ් ඇමතිතුමා උදව් කරල තියවා මේ වනය පිළිබඳ නඩු දාන්න. අපි උසාවියට කියමු මේ ප්රශ්නය විසඳලා දෙන්න කියලා. එතකොට කුඹුරු වලට ගිහින් ගොවිතැන් කරන්න පුලුවන්. කුඹුරු කරන්න වතුර ඕන. මේ ප්රදේශයේ වැව් ප්රතිසංස්කරණය කරන්න පියවර අරන් තියනවා. ඒ අනුව අගතිමුරිප්පු කුලම්, ව්යායඩි කුලම් ප්රතිසංස්කරණය කරන්න පියවර අරන් තියනවා.
සිලාවතුර නගර සැලසුම් කරන්නත් අපි තීරණය කරල රෝහලත් සංවර්ධනය කරන්න රිෂාඩ් ඇමතිතුමා පියවර අරන් තියනවා. ඒ රෝහල මෙහාට අවශ්යයි අපි නාවික හමුදාව සමගත් සාකච්ඡා කරනවා.
ඒ නිසා ගමේ ආණ්ඩුව අපට දිනවලා දෙන්න ගමට වැඩක් වෙන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.




