ගමානාත්තයක් නොදැන රටින් පනින්න ආ යුවළ දැලේ


 

 

 

 

(ටී.කේ.ජී.කපිල )

ස්ථිර ගමනාන්තයක් නොදැන තැරැව්කරුවෙකුගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි යාපනය ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක  අද( 09 )  ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

යාපනය ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතරින් තරුණයා 27 හැවිරිදිය . තරුණිය 19 හැවිරිදිය .

ඔවුන් සංචාරක වීසා මත ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ගේ ලියකියවිලි ලබා ගෙන නිශ්කාශන කටයුතු සිදු කරමින් සිටියදී , ඔවුන්ගේ සැක කටයුතු හැසිරීම මත , ඔවුන් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී ඔවුන්ගේ ගමන් මලු නිරීක්ෂණය කිරීම් වලදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ප්‍රංශයට සහ ජපානය වෙත යාම සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර දෙක බැගින් ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි .