ගම්මන්පිලට රට යන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර)
 
හදිසි අනතුරකට ලක්ව ඔස්ට්‍රේලියාවේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දස හැවරිදි පුත්‍රයාගේ සුවදුක් බැලීම සඳහා ඔහුට මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඔහුට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය.

 
ඔස්ටේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර  ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැ`දවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත ඔහුට මුදාහැරීමටද නියම කළේය.
 
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන බ්‍රැඩ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02වැනිදා පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් කරන ලද පරීඬණයකින් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකාර උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබි‚.